අපගේ දැක්ම

"කඩිනම් රාජ්‍ය සේවයක් තුලින් ආශ්චර්යමත් දේශයක් කරා"

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රීයාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නන්වාලීම අපගේ මෙහෙවරයි."

දන්කොටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. සාමාන්‍යයෙන් උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා ගැනීමේදී අයදුම්පත්‍ර පුරවා දී ඉතා කෙටි කාලයක් තුළ  මෙම කාර්යාලයෙන් ලබා ගැනීමට හැකි අතර මුද්දර රැගෙන ඒමෙන් තොරව අදාල මුදල ගෙවා සහතිකය ලබාගැනීමට පහසුකම් සලසා ඇත.  වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 200 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. උපත්, විවාහ, මරණ සහතික පරිගණකය මගින් නිකුත් කිරීම හා වයඹ පළාතට අයත් සියළුම වාහන බලපත්‍ර අළුත් කිරීමේ කටයුතු ද ඉතා කාර්යක්ෂමව මෙම කාර්යාලය තුලින් ඉටුකර දෙනු ලබයි.ගෘහ මූලික ලේඛණ පරීක්ෂා කරීම් හා හැදුනුම්පත් එක්දින සේවාවට අදාල සියළු කටයුතු කාර්යක්ෂමව ඉටුකර දීම යන සියළුම නව සංකල්ප අනුව කාර්යක්ෂම ස්වාවක් මෙම කාර්යාලයෙන් ලබා ගත හැකිය.

                දන්කොටුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය වයඹ පලාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුවල, කටාන, පන්නල හා නාත්තණ්ඩිය ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශ වලට මායිම්ව පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර් 79.36ක විශාලත්වයකින් යුක්ත වේ. 

                දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන මූලස්ථානය ලෙස දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කිරීම ආරම්භ කරන ලද්දේ1989 වර්ෂයේදීය.එම අවස්‍ථාවේ  ආරම්භක සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරනු ලැබූයේ එස්. එච්.හරිස්චන්ද්‍ර මහතාය. අනතුරුව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස එච්.එස්.එස්.ලුසේනා මහතා ද සේවය කරන ලදී. පසුව 1998 වර්ෂයේදී මෙම කාර්යාලය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් ලෙස ස්ථාපනය කෙරුණු අතර, ආර්.එච්.ජේ.මල්ලිකා මෙනවිය ප්‍රථම ප්‍රාදේශීය ලේකම්වරිය වූවාය. වර්තමානයේ වර්ණකුලසූරිය ප්‍රින්ස් සේනාධීර මහතා ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරනු ලබයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ග්‍රාම නිළධාරී හා සමෘද්ධි කොට්ඨාශ 47ක් පාලනය වේ.


                දන්කොටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය දුටුගැමුණු රජ දවස දක්වා දිවයයි. දුටුගැමුණූ රජතුමාගේ සේනාවේ යෝධයන් දසදෙනෙක් සිටි බවත් ගෝඨයිම්බර එයින් එක් යෝධයෙකු බවත් මහාවංශයේ සඳහන් වේ. යුද්ධයට සූදානම් වු රජතුමා ප්‍රථමයෙන් මෙම යෝධයින් විවිධ ප්‍රදේශවලට යවා විශාල වශයෙන් කුඹුරු වගාකර ධාන්‍ය එක්රැස් කර ඇත. ඒ අනුව ගෝඨයිම්බර යෝධයා දංකොටුව ප්‍රදේශයට යාබද මාකඳුර වෙල්යාය වගාකිරීමට පැමිණ ඇත.මෙම වෙල්යාය මාකඳුර සිට හාල්දඬුවන ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වූ විශාල වෙල්යායකි. ගෝඨයිම්බර යෝධයා මෙම වෙල්යාය වගාකර ධාන්‍ය ගබඩාකිරීමට දන්කොටුව ප්‍රදේශය තෝරාගෙන ඇත. මෙය ධාන්‍ය කොටුවක් වශයෙන් ගබඩාකර තිබු බැවින් එම ප්‍රදේශය ධාන්‍යකොටුව ලෙස ප්‍රචලිත වූ බවත් පසුව ව්‍යවහාරයේදී එය දන්කොටුව වූ බවත් ජනප්‍රවාදයේ එයි .

News & Events

News & Events

28
අගෝ2017
Commemoration of the Puttalam district Environment Day celebration

Commemoration of the Puttalam district Environment Day celebration

Commemoration of the Puttalam district Environment Day...

26
අප්‍රේ2017
GN Office Performance 2025

GN Office Performance 2025

GN Office Performance Competition 2025 - Puttalam...

<style>
.headmob a, 
.headmob img.img-responsive {
    position: relative !important;
    z-index: 9999 !important;
    pointer-events: auto !important;
    cursor: pointer !important;
}
</style>

Scroll To Top